සංවර්ධන අභිමන් 2022-මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික්ක අලෙවි නියෝජිත හමුව

81

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත‍්‍රික් අලෙවි නියෝජිත හමුව පසුගියදා කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ‍්‍රයේදී සාර්ථකව නිමාවිය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන උදායන චමින්ද කිරින්ගොඩ මහතා, රංජිත් බණ්ඩාර මහතා, මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර ඞී. සේනානායක මහතා, වත්තේගම නගර සභාවේ සභාපති බී. එම්. රවීන්ද්‍ර බණ්ඩාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

2022 නව වර්ෂයේදී මහනුවර මාතලේ දිස්ත‍්‍රික්කයන්හි ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක‍්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වූ අතර, එහි දී බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ප‍්‍රධානයන් ද සිදු කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment