ව්‍යාජ දළදා මාළිගාව වෙද මහත්තයකුගේ වැඩක්

603

මේ වන විට සමාජයේ ආන්දෝලනයට තුඩු දී ඇති ව්‍යාජ දළදා මාලිගාව ඉදිකර ගෙන යනු ලබන්නේ කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙද මහතකු බව මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.

මෙම වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත් පුද්ගලයන් විසින් ඔවුනගේ කැමැත්තෙන් ම මෙම කටයුත්ත සඳහා මුදල් ලබා දී ඇතැයි ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාජ ඉදිකිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ සහ විවිධ පාර්ශ්වවල විරෝධතා මතුවුවද ඒ පිළිබඳව මේ වන තෙක් කිසිදු අයකු ඊට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර නැතැයි ද පොතුහැර පොලිසිය පවසයි.

එහෙත් මේ වන විට මීට එරෙහිව සමාජ විරෝධතා එල්ල වන බැවින් පොතුහැර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම පොලියියේ ප්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මෙම ඉදිකිරීම වෙනුවෙන් මුදල් ලබා දුන් අයගෙන් මෙන්ම අදාළ වෙද මහතාගෙන් ද මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගෙන ඇතැයි ද පොලිසිය තවදුරටත් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment