ඇමරිකානු සංචාරකයන් ගෙන්වා ගන්න වැඩසටහනක්

175

එළැඹෙන ශීත ඍතුවේදී ඇමරිකානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජාත්‍යන්තර ඩී. සී. සමාජය (International Club of DC) එක්ව පවත්වා ඇත.

ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදා සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජාත්‍යන්තර ඩී. සී. (DC) සමාජයේ සාමාජිකයන් 80 දෙනකුට අධික ආරාධිත පිරිසක් සහභාගි වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපද ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සංවිධානය කර තිබිණි.

මෙහිදී ලොව හොඳම වෙරළ තීරය, පුරාණ නටබුන් සහ වසර 2500ක් පැරණි බෞද්ධ සංස්කෘතික ස්ථාන ක්‍රීඩා සහ ත්‍රාසජනක ස්ථාන ආදී ශ්‍රී ලංකාව තුළ ඇති සංචාරකයන් ආකර්ෂණය වන ස්ථාන පිළිබඳව හඳුන්වාදීම තානාපතිවරයා සිදුකර ඇත.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment