බුද්ධම – මොනරාගල බස්රථය පෙරළීමෙන් මගීන් 36කට තුවාල

42

සියඹලාණ්ඩුව – මොනරාගල මාර්ගයේ කොඩයාන වංගුව අසලදී ඊයේ (29 වෙනිදා) ලංගම බස්රථයක් පෙරළී 36 දෙනකු තුවාල ලබා ඇතැයි සියඹලාණ්ඩුව පොලිසිය පවසයි.

ඒ අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිහතර දෙනෙකුද වේ. තුවාලකරුවන් සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව හයදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල රෝහලට මාරුකොට යවා ඇත. සියඹලාණ්ඩුව උප ඩිපෝවට අයත් අංක උඡභක්‍ 0339 දරණ ලංගම බස්රථය බුද්ධම සිට මොනරාගලට ධාවනය වෙමින් තිබියදී කොඩයාන වංගුවේ වලේකඩේ අසලදී පාරෙන් ඉවතට පැන පෙරළී ඇත. එම අවස්ථාවේ මගීන් හැටකට ආසන්න ප්‍රමාණයක් බස්රථය තුළ සිට ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන් සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment