යුද – ගුවන් කාන්තා අවසන් සටන හෙට බීආර්සී පිටියේදී

123

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ බීආර්සී පිටියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර හෙට (05 වැනිදා ) පැවැත්වේ.

අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා සහ හලාවත මේරියන්ස් කණ්ඩායම් පරාජය කරමින් ඔවුහු අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.

මූලික වටයේදී “ඒ ” කාණ්ඩයෙන් පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා “ බී ” කාණ්ඩයේ දෙවැනි තැනට පැමිණි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම අතර මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් පූර්ව තරගයෙන් යුද හමුදා ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 2ක ජයක් ලබා ගත්හ. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා කණ්ඩායම මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම ඕවර් 50 කදී කඩුලු 08 ට ලකුණු එකසිය තිහක් රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 08කට ලකුණු 117 ක් ලබා සිටියදී අයහපත් කාලගුණික තත්ත්වය නිසා තරගය නතර කළ අතර ඒ අනුව ඔවුන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඉදිරියෙන් සිටියේය. මූලික තරගවලදී “බී” කාණ්ඩයේ පළමු ස්ථානයට පැමිණි ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල හා “ ඒ ” කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණි හලාවත මේරියන්ස් කාන්තා පිල අතර බීආර්සී පිටියේ පැවති තරගයෙන් ලකුණු 24 ක ජයක් ගුවන් හමුදා කණ්ඩායම වාර්තා කළේය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment