රනිල්ට විපක්‍ෂයේ ඉදිරිපෙළ අසුනක්… දෙපසින් මනෝ ගනේෂන් හා සම්බන්ධන්

174

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
 
 පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස අද (23දා* දිවුරුම් දෙන එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විපක්‍ෂයේ ඉදිරිපෙළ පිහිටි 13 වැනි ආසනයේ අසුන්  ගැනීමට නියමිතය.
 
 ඒ අනුව මෙතෙක් එම අසුනෙහි සිටි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාට 14 වැනි අසුනට යෑමට සිදුවනු ඇත.
 
 එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු ලෙස දිවුරුම් දෙයි.
 
 ඉකුත් (2020* වසරේ අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සඳහා රනිල් වික‍්‍රමසිංහ මහතා මෙලෙස පත්වේ.
 
 රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආසනයට දෙපැත්තෙන් සිටින්නේ සමගි ජනබලවේගය මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාය.
 
 එක්සත් ජාතික පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයට රනිල් වික‍්‍රමසිංහ මහතා පත් වන්නේ මහ මැතිවරණයෙන් මාස නවයකට පසුව වීම විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment