බස් නැවතුම්පළක් ඉල්ලා යාපනයේ දුර ගමන් බස් වර්ජනයක්

84

දුම්රියත් බස්රථත් නෑ – මගීහු දැඩි පීඩාවට

යාපනයේ සිට ක්‍රියාත්මක වන දුර ගමන් සේවා බස් රථ සේවාවන් 28 දා සිට නවතා දැමීම නිසා මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

යාපනයේ සිට දකුණට දුම්රිය ධාවනයද නොමැති නිසා දුර ගමන් සේවා බස්රථ වර්ජනය හේතුවෙන් යාපනයේ සිට දුර පළාත්වලට යෑමේ අපේක්ෂාවෙන් යාපනය බස් නැවතුම්පළට පැමිණෙන පිරිස් දැඩි පීඩාවකට පත්ව සිටිති.

යාපනයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සී. සිවපරම් කියා සිටියේ වසර ගණනාවක සිට යාපනයේ පෞද්ගලික බස්රථ වෙනුවෙන් වෙනම බස් නැවතුම් පළක් ඉල්ලා සිටින නමුත් මේ දක්වා එම ඉල්ලීමට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ඊට විරෝධය දැක්වීමේ පළමු පියවර වශයෙන් යාපනයේ සිට ක්‍රියාත්මක වන දුර ගමන් සේවා බස්රථ වර්ජනයක් ක්‍රියාත්මක කළ බවයි. දුර ගමන් සේවා බස්රථ සඳහා වෙනම බස් නැවතුම් පලක් නොමැති නිසා නිතරම සෙසු බස්රථ සේවකයන් සමග ගැටුම් ඇති කරගැනීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේය. දැනට ආරම්භ වී ඇති මෙම වර්ජනයට කිසිදු නිලධාරියෙකුගේ මැදිහත්වීමක් නොමැති වීම නිසා යාපනයේ සිට ක්‍රියාත්මක වන දුර ගමන් සේවා තවමත් ක්‍රියාත්මක නොවේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment