රතු පලස මතින් ඈන් කුමරිය එයි

361

බි්‍රතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (10 දා) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය.

ඇය මෙම සංචාරය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක් තෝරා ගෙන තිබුණි. ඊයේ පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපොළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ඇය සමග ඇගේ සැමියා වන වයිස් අද්මිරාල් තිමොති ලොරන්ස් ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණ සිටියහ.

විදේශ ඇමැති අලි සබි්‍ර, සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි සීතා අරඹේපොළ, ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ඈන් කුමරිය ඇතුළු පිරිස පිළිගනු ලැබූහ. පිළිගැනීමේ සංදර්ශනය සඳහා මීගමුව හරිස්චන්ද්‍ර, නිවුස්ටෙඩ් බාලිකා, විජයරත්නම් සහ අල් හිල්ලාල් ජාතික පාසල්වල සිසුහු පිරිසක් සහ උඩරට – පහතරට විවිධ නැටුම් අංග නියෝජනය කරමින් විශාල නැටුම් ශිල්පීහු පිරිසක් ද එක්ව සිටියහ.

ගුවන් යානයෙන් බැස ගත් ඈන් කුමරිය රතු පළස දිගේ පැමිණ, ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් ද තැබුවාය.
කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment