යාපනයේ උපන් ආචාර්ය සබේසන්ගේ පේන කියන නව නිපැයුමට ලන්ඩනයේ ඉහළම සම්මානය

916

යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලද ආචාර්ය සබේසන් සිදම්බරනාදන් මහතා නව නිපැයුම් සම්බන්ධ ලන්ඩනයේ ඉහළම සම්මානය පිරිනැමීමට තෝරාගෙන තිබේ.

යම් ස්ථානයක තිබියදී එම තියන තැන වෙනස් කළ ඕනෑම උපකරණයක් දැනට ස්ථානගත වී ඇති තැන සොයා ගැනීමට හැකි උපකරණයක් නිපදවීම වෙනුවෙන් මෙම සම්මානය පිරිනැමේ.

යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ ආචාර්ය සබේසන් සිදම්බරනාදන් මහතා දැනට ලන්ඩනයේ රෝහලක සේවය කරන අතර මුලින්ම ඔහු මෙම උපකරණය නිපදවා ඇත්තේ රෝහලේ ඇති උපකරණ සියල්ල සොයා ගැනීමේ පහසුව උදෙසා ය.

පසුව එම උපකරණය වැඩි දියුණු කොට ලන්ඩනයේ තරගයකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට ලන්ඩනයේ ඉහළම සම්මානය පිරිනැමීම සඳහා තෝරා ගෙන තිබේ.

ආචාර්ය සබේසන් සිදම්බරනාදන් මහතා පවසන්නේ මෙම උපකරණයේ පේටන්ට් බලපත්‍රය තමන්ට හිමි වූ විගස මුළු ලෝකයේම රෝහල්වලට මෙම උපකරණය බෙදා හැරීමට පියවර ගන්නා බවය.

මෙම උපකරණය මගින් නැති වූ උපකරණ හා භාණ්ඩ සොයා ගැනීමට විශාල පිටිවහලක් ලබා ගත හැකි බවත් ඊට පෙර එම උපකරණය හෝ භාණ්ඩය පිළිබඳව තොරතුරු උපකරණයට ඇතුළත් කොට තිබීම අනිවාර්ය බවත් ලන්ඩනයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ආචාර්ය සබේසන් සිදම්බරනාදන් කියා සිටියේය.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment