බැම්මක් කඩා වැටී කැප්පෙටිපොල නිවසකට හානි

90

පවතින වර්ෂා සහිත කාලගුණ තත්වයත් සමග (31 දා ) පස්වරුවේ කැප්පෙටිපොල විදුරුපොල ප්‍රදේශයේ නිවසක් මතට නිවස පිටුපස වු බැම්මක් නායයෑම හේතුවෙන් එම නිවසට දැඩි හානි සිදුව තිබේ.

නිවස පිටුපස වු කොන්ක්‍රීට් බැම්මක් මෙලෙස නායගොස් ඇති අතර නිවසේ පිටුපස කාමර තුනකට දැඩි හානි සිදුව ඇති අතර නිවසේ වහලයටද හානි සිදුව තිබේ. මෙම ආපදාව සිදුවන අවස්ථාවේ නිවසේ හානි සිදුවු කමරවල කිසිවෙකුත් නොසිටීම හේතුවෙන් නිවැසියන්ට කිසිදු හානියක් සිදුව නොමැත. නිවස පිටුපස වු මෙම බැම්මෙහි ඉරක් ගොස් ඇති බව නිවැසියන් දැක ඇති අතර එය නායයෑම වළක්වා ගැනීමට බැම්මට ඉහළින් වු පස් ඉවත් කරමින් සිටින අවස්ථාවේ මෙම නායයෑම සිදුවු බව නිවැසියන් පැවසීය.
බොරලන්ද සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment