ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නාවික හා ගුවන් සේවාවන් පුළුල් කිරීමට සාකච්ඡා

58

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාවික හා ගුවන් සේවාවන් පුළුල් කිරීම පිළිබඳව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් 09 දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

දෙරට අතර ද්විපාර්ශවීය සබඳතාවන් ගොඩ නැංවීම සඳහා ගත යුතු පියවරයන් රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.

මධුරාසිය හා පලාලි ගුවන් තොටුපළවල් අතර ගුවන් වාර 100 ක්, ඉන්දියානු රජයේ ගුවන් සමාගමක් වන එලායන්ස් එයාර් සමාගම විසින් සම්පූර්ණ කර ඇති බව ඉන්දියානු මහකොමසාරිස්වරයා පෙන්වා දෙන ලද අතර මෙම ගුවන් තොටුපළවල් දෙක අතර ගමනා ගමනයට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක් ඇති බැවින් ගුවන් මෙහෙයුම් ප්‍රමාණය වැඩිකරන ලෙසටත්, මධුරාසියේ සිට පලාලි දක්වා පියාසර කරන ගුවන්යානා රත්මලාන ගුවන් තොටුපළ දක්වා දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා ඉටුකරදෙන ලෙසටත් ඇමැතිවරයා ඉන්දියානු මහකොමසාරිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල බලධාරීන් සමග සාකච්ඡා කර කඩිනම් ප්‍රතිචාරයක් ලබාදෙන බවට මහකොමසාරිස්වරයා පොරොන්දු විය.

advertistmentadvertistment
advertistmentadvertistment