හෙළ බොජුන් ගැන හෙළි දරව්වක්

7379


කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් පරිදි තිරිඟු පිටි වෙනුවට හාල් පිටි යොදා ගනිමින් සකස් කරන ලද ආහාර ප්‍රවර්ධනය සඳහා මේ වනවිට දිවයින පුරා හෙළ බොජුන් නමින් ආහාර අලෙවි සැල් ජාලයක් පවත්වාගෙන යනු ලබන බව එම අමාත්‍යංශය පවසයි.

මෙම හෙළබොජුන් ආහාර අලෙවිසැල් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංකල්පයක් වන අතර එම නමින් වෙනත් පුද්ගලයින් ද ආහාර අලෙවි ස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද සඳහන් කරයි.

නමුත් හෙළ බොජුන් අලෙවි සැල්වල ආහාර සකස් කරනු ලබන්නේ සියයට සියයක්ම දේශීය ආහාර ද්‍රව්‍ය යොදාගනිමින් බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හෙළබොජුන් අලෙවිසැල්වල කිසිසේත්ම තිරිඟු පිටි යොදා සකස් කළ ආහාර වර්ග අලෙවි කරන්නේ නැති බවත් පවසයි. තිරිඟු පිටි වෙනුවට සහල් පිටි යොදා ගනිමින් සකස් කළ පෝෂ්‍යදායී ආහාර හා සීනි මිශ්‍ර නොකර සකසන ලද පලතුරු බීම හා බෙලිමල් හා රණවරා වැනි බීම වර්ග පමණක් අලෙවි කරනු ලබන බවද සඳහන් කරයි.

එමෙන්ම පරණ ආහාර හා උණුසුම් නැති ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම වෙනුවට පාරිභොගිකයින් වෙත එම අවස්ථාවේ ම සකස් කළ උනුසුම් ආහාර ලබා දීමට හෙළ බොජුන් ආහාර මධ්‍යස්ථාන විසින් සිදු කරන බව ද පවසයි.

හෙළබොජුන් නාමය යොදා ගනිමින් ව්‍යාජ ලෙස පවත්වාගෙන අලෙවි ස්ථාන නිසා පාරිභෝගිකයින් රැවටීමත් තිරිඟු පිටිවලින් සකසන ලද ආහාරවර්ග හා පරණ ආහාරත් අලෙවි කරනු ලබන බවට පැමිණිලි ලැබී ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මේ නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යනු ලබන හෙළබොජුන් නාමය සහිත ආහාර අලෙවි ස්ථාන හැර එම නාමය භාවිතා කරමින් පවත්වාගෙන අනිකුත් ස්ථාන කිසිසේත්ම රජයට අයත් හෙළබොජුන් අලෙවි ස්ථාන නොවන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment