කාරක සභා ගැන කථානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

231

පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා වෙනත් අය ගෙන්වන්නේ නම් ඒ සදහා තම අනුමැතිය ලබා ගත යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.තවදුරටත් අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කර සිටියේ කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බවය.එමෙන්ම කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවේ වැඩකටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් තමා වෙත විවිධ අවස්ථාවලදී කරුණු වාර්තා වී ඇතැයි ද පැවසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් පුරා පැවති සාම්ප්‍රදායන් ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සියලුම කාරක සභා සභාපතිවරුන් ස්ථාවර නියෝග අනුව බැඳී සිටින බව ද අවධාරණය කළේය.පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව ද කථානායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment