විහාරමහා දේවි උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට ගැසට්ටුව නිකුත් වේ

53

සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබූ කොළඹ විහාර මහාදේවි උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට පවරාදී ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර තිබේ.

කොළඹ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවි උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනු ලැබීය. අක්කර 54 ක විශාලත්වයෙන් යුතු මෙම උද්‍යානය අදාළ සංවර්ධන කටයුතුවලින් පසු යළි කොළඹ මහ නගර සභාවට ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment