හික්කඩුවේ සංචාරක දොර හෙට ඇරෙයි

486

ශී‍්‍ර ලංකාවේ සංචාරක පාරාදීසය සහ පළමු සංචාරක කලාපය ලෙස සැලකෙන හික්කඩුව සංචාරක පුරවරය හෙට (16 දා* සිට සංචාරකයන් සඳහා විවෘත කෙරේ.

හික්කඩුව සංචාරක පුරවරයේ පන්සියයකට අධික පිරිසක් එක්ව ෆිස්ට් නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති අතර, එම සංවිධානය මගින් ‘සූම්’ තාක්‍ෂණය ඔස්සේ දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කොට හික්කඩුව සංචාරක පුරවරයට පැමිණෙන ලෙස සංචාරකයන්ට ආරාධනා කිරීමට පියවර ගෙන තිබේ.

හික්කඩුව සංචාරක පුරවරය ආශ‍්‍රිතව සංචාරක ක්‍ෂේත‍්‍රයේ නියැළෙන සියලූම දෙනා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටියත් මේ වනවිට ඔවුන්ගේ සියලූම සංචාරක නිකේතන අලූත්වැඩියා කොට හෙට සිට ඒවා විවෘත කිරීමට පියවර ගන්නා බව එම සංවිධානය පවසයි.

රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිරෝධායන නීතිවලට යටත්ව හික්කඩුවට පැමිණෙන සංචාරකයන්ට ආගන්තුක සත්කාර ලබාදීමට කටයුතු සූදානම් කර තිබෙන බව ද එම සංවිධානය තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment