පලාගිය සිරකරු මහවැලි ගඟේ පිහිනා යද්දී දියේ ගිලී මරුට

95

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ මාස තුනක සිරදඬුවම් ලබමින් සිටි මත්ලෝලී සිරකරුවකු පෙරේදා (20 දා) බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහනයෙන් මිදී මහවැලි ගඟ හරහා පිහිනා යද්දී දියේ ගිලී මියගොස් ඇත.

මෙම සිරකරු බොරැල්ල ප්‍රදේශයේ සිට බන්ධනාගාර ගතවූ අයෙකි. මොහු අයිස් මත්ද්‍රව්‍යවලට හුරුවූ පුද්ගලයකු බව බලගොල්ල පොලිසිය කියයි.

මෙම සිරකරු වගාබිමට රැගෙන යද්දී මෙසේ පලාගොස් දියේ ගිලී ඇත. අතුරුදන් වූ මළසිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදා පිහිනුම්කරුවන් යොදා ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment