තිළිණි උසාවි නොඑයි: වාහන වංචා නඩුව ලබන මස 7 ට කල්යයි

115

මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත්දී රුපියල් ලක්‍ෂ 80 ක් වටිනා වාහනයක් ලබාගෙන මුදල් නොදී වංචා කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකාරිය වන තිළිණි පියුමාලි නමැත්තිය ඊයේ (5 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩු විභාගය ලබන මස 7 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

විත්තිකාරිය අසනීප තත්ත්වයෙන් පසුවන බව පෙන්වා දෙමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එදින වෛi වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment