ජනපති උසස් පෙළ විශිෂ්ටයන් අගයයි

142

අ.පො.ස උසස් පෙළ 2021 හා 2022 විභාගයන්ගෙන් විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දරුවන් ඇගයීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12 දා) සිදුවිය.

මෙම විශිෂ්ට දක්‍ෂතා දැක්වූ දරුවන් වෙනුවෙන් ජනාධිපති ඇගයීම් ප්‍රණාම සහතික සහ මුදල් ත්‍යාග පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

ඒ අනුව 2022 අධ්‍යයන වර්ෂය සඳහා විෂය ධාරාවන් 6 ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 10ට තේරී පත් වූ සිසු දරුවන් 60 දෙනාට සහ 2021 අධ්‍යයන වර්ෂයේ විෂය ධාරා 6 ක් ඔස්සේ පෙනී සිටි දිවයිනේ පළමු ස්ථාන 5 අතරට පත් වූ සිසුන් 30 දෙනා ද ඇතුළු මුළු සිසු දරුවන් 90 දෙනෙකු ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක්විය.

උසස් පෙළ විෂය ධාරා 6 ම ආවරණය වන පරිදි දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන සඳහා රුපියල් 50,000 ක් බැගින් මුදල් ත්‍යාග පිරිනැමුනු අතර අනෙකුත් ස්ථාන සඳහා රුපියල් 25,000 බැගින් වූ මුදල් ත්‍යාග මෙහිදී පිරිනැමිණි. මෙහි දැක්වෙන්නේ එහි එක් අවස්ථාවකි.

උසස් පෙළ විශිෂ්ටතා දැක්වූ දරුවන් සමඟ සුහද කතාබහකට එක්වූ ජනාධිපතිවරයා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අදහස් දැක්වීමට ආරාධනා කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment