පදක්කම් 144ක් දිනූ මලල ක්‍රීඩා ප්‍රවීණයෝ දිවයිනට

143

දකුණු ඉන්දීය ප්‍රවීණයන්ගේ විවෘත මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 144 ක් දිනා ගෙන පෙරේදා (17 වැනිදා) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

එහිදී ශ්‍රී ලාංකික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 84 ක්, රිදී පදක්කම්

40 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් දිනා ගැනීමට සමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ සභාපති තිස්ස සමරසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලාංකික ඉතිහාසයේ ප්‍රවීණයන්ගේ කණ්ඩායමක් අත්කර ගත් විශිෂ්ටතම ජයග්‍රහණය බැව් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ උඩුපි හීදී ඉකුත් පළමු වරට මෙම තරගාවලිය පවත්වා තිබුණි.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment