කොළඹ අවන්හලක ඉන්දීය අරක්කැමියෙක් ඝාතනය කරයි

359


කොළඹ කොටුව ගාලු මුවදොර සාප්පු සංකීර්ණයක පිහිටි අවන්හලක ඉන්දීය ජාතික කළමනාකරුවෙකු විසින් එහි සේවය කළ ඉන්දීය ජාතික ප්‍රධාන අරක්කැමියාව ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය පවසයි.
ඊයේ රාත්‍රියේ පිහියකින් ඇන එම ඝාතනය සිදුකර තිබේ.

සිද්ධියෙන් ඝාතනයට ලක්වී ඇත්තේ අජේ කුමාර් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර කළමනාකරු ඝාතනයට යොදාගත් පිහියත් සමග පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු සහ මියගිය පුද්ගලයා අතර පෙරේදා රාත්‍රියේ අවන්හල තුළ බහින්බස්වීමක් ඇතිවී තිබෙන අතර එය ගැටුමක් දක්වා දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇති බව වාර්තා වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment