ගුරුවරියට වෙඩි තැබූ ඇමරිකානු දරුවාගේ මවට අපරාධ චෝදනා

555

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ තම පන්තිභාර ගුරුවරියට වෙඩිතබා තුවාල සිදු කළ සය හැවිරිදි දරුවාගේ මවට එරට පොලිසිය විසින් අපරාධ චෝදනා ගොනුකර තිබේ.

වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක පළමු වසරේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා පසුගිය ජනවාරි මාසයේ සිදුකළ වෙඩි තැබීමෙන් ගුරුවරිය බරපතළ තුවාල ලබා තිබුණි. වෙඩිතැබීම සඳහා දරුවා යොදාගෙන ඇත්තේ තම මවගේ ගිනිඅවිය වන බැවින් නොසැලකිල්ලෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මවට එරෙහිව සාපරාධී අපරාධ චෝදනා ගොනුකර ඇති බව වාර්තා වේ.

දරුවාගේ මව පවසන්නේ එම ගිනිඅවිය දරුවාට ලබාගත නොහැකි අයුරින් තමා සුරක්ෂිතව තබා තිබූ බවය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment