වකුගඩු සැත්කමට ආධාර පතයි

88

අංක 239/4/2, උඩුවන පන්සල පාර, හෝමාගම යන ලිපිනයේ පදිංචි ටී.ජී.එන්. ප්‍රියදර්ශනී (අවුරුදු 44යි) මෙනවිය වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසුවන නිරෝගී අයකුගේ ‘ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මනින් බද්ධ කළ යුතු බව විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇත.

මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය වන බවට ගණන් බලා ඇත. මෙතරම් මුදලක් තනිවම සොයා ගැනීමට නොහැකි බැවින් ඇය ඔබගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. එම ආධාර ලංකා බැංකුවේ බත්තරමුල්ල ශාඛාවේ ඇයගේ

නමින් ඇති 73642161 අංක දරන ගිණුමට බැර කරන ලෙස පිං කැමති ඔබගෙන් සිටී. වකුගඩුවක් දන් දීමට කැමති අයකුටත් ඉදිරිපත් වන ලෙස ඇය කරුණාවෙන් ඉල්ලා සිටී. 0773799924 දුරකථන ඇමතීමෙන් හා 0717703672 අංකයට වට්ස්ඇප් පණිවිඩය යොමුකිරීමෙන් වැඩි විස්තර දැනගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment