කුරුණෑගල කලාප 2 ට කඩුලු 9 ක ජයක්

71

වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ පොලොන්නරුව සහ කුරුණෑගල කලාප 2 කණ්ඩායම අතර පැවැති තරගයේ දී කඩුලු 9 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට කුරුණෑගල කලාප 2 කණ්ඩායම සමත් වූයේය.

කුරුණෑගල කණ්ඩායම වෙනුවෙන් පසිදු මේනක සහ අමේශ් තෙන්නකෝන් අර්ධ ශතක ලබා ගනිමින් කණ්ඩායමට ජයග්‍රහණය ගෙන දුන්හ.

පොලොන්නරුව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 228 යි – (ජිනජිත් දුල්මික 93, සසිඳු රශ්මික 10, කලන දුල්ශිත 28, මතීෂ යෙහෙනිත් 17, මදුරංග ජයලත් 25, සොනාල් අශ්වින් 35, ගයන වීරසිංහ 29/2, දිමත් අබේසිංහ 26/3) කුරුණෑගල කලාප 2 පන්දුවාර 35.1 කදී කඩුල්ලක් දැවී ලකුණු 230 යි – (පසිඳු මේනක 74, අමේෂ් තෙන්නකෝන් 77, ගයන වීරසිංහ 34, තිවංක පබසර 14)

advertistmentadvertistment
advertistmentadvertistment