සුරාබදු මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සියලු දෙනා මාරු කරනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්

154

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ සියලුම නිලධාරීන් ස්ථාන මාරුකිරීම්වලට ලක් කරන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය.

එම ඒකකයේ නිලධාරීන් සිව්දෙනකු කේරළ ගංජා සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග මෙම පියවර ගත් බව ඒ මහතා සඳහන් කළේය.

කොළඹ සුරාබදු කාර්යාලයේ සේවය කරන සුරාබදු පරීක්‍ෂකවරයකු, සුරාබදු සැරයන්වරයකු, සුරාබදු නියාමකවරයකු සහ සුරාබදු රියැදුරෙකු සමග හලාවත සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්කලයන් හතර දෙනෙකු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 45 ක් සමග ඉකුත් 01 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් එම කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුරාබදු කාර්යාලයට අයත් කැබ් රථයකින් යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ. අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් සම්බන්ධව සිදුකරන විමර්ශන වාර්තා ලැබීමෙන් පසු අභ්‍යන්තර විමර්ශනයක් සිදුකර වැරදිකරුවන් වන සියලු දෙනාට දෙපාර්තමේන්තු මට්ටමින්ද උපරිම දඬුවම් ලබාදෙන බව ද සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment