අගමැති ලේකම්ගේ පොරොන්දුවෙන් රජයේ විධායක නිලධාරීන්ගේ වර්ජනය නවතී

140

රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඇතුළු අනෙකුත් වෘත්තීය ගැටලුවලට අදාළ විසඳුම් යෝජනා මැයි මාසයේ පළමු කැබිනට් රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන බවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා තම සංගමයට පොරොන්දු වූ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා ඊයේ (02දා) ‘දිවයින’ට පැවසීය.

මේ පොරොන්දුව නිසා මේ සතියේදී දියත් කිරීමට තීරණය කර තිබූ දින දෙකක සංකේත වැඩ වර්ජනය තාවකාලිකව නතර කළ බවද උදයසිරි මහතා කීවේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහත්වරුන් සමග තම සංගමය පැවැත්වූ සාකච්ඡාවකදී එම පොරොන්දුව ලබා දුන් බවද තම සංගමය ඒ දෙස බලා සිටින බවද උදයසිරි මහතා තවදුරටත් ‘දිවයින’ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment