අරගලයට දින 50 යි

172

ගාලුමුවදොර පැවැත්වෙන අරගලය විරෝධතා වැඩසටහනට අදට දින 50ක් සම්පූර්ණ වී ඇත.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම විරෝධතා ව්‍යාපාර අප්‍රේල් මස 09 වැනිදා තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.දින 50 සපිරීම නිමිත්තෙන් අද විරෝධතා වැඩසටහන් කිහිපයක් පැවත්වීමට පියවර ගෙන තිබේ. මේ අතර අද දිනයේ පැවත්වෙන උද්ඝෝෂණ කොළඹ, කොටුව, යෝක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය ආදී මාර්ග වෙත ඇතුලුවීම හෝ ඒ අවට රාජ්‍ය ආයතන සහ කාර්යාල වෙත ඇතුල් වීම හෝ හානි කිරීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment