යාපනයේ කඩු කල්ලියක්

61


යාපනය දිස්ත්‍රීක්කයේ කොල්ලකෑම් රැසකට සම්බන්ධ කඩු කල්ලියක සාමාජිකයින් 04 ක් යාපනය පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අදාල සැකකරුවන් ඉකුත් දා අළුයම යාපනය කෝපායි ප්‍රදේහයේ නිවසකට කඩු රැගෙන ඇතුළුව නිවැසියන් බිය වද්දා නිවසේ වු පවුම් 12 ක පමණ ස්වර්ණාභරන කොල්ලකා පලා ගොස් ඇති බවට කෝපායි පොලීසියට පැමිණිලි ලැබි ඇත.

ලද පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය විසින් අදාල සැකකරුවන් හා ඔවුන් කොල්ලකන ලද ස්වර්ණාභරණ වලින් තොගයක් හා කඩු කීපයක් අත්අඩංගුවට ගෙන තිබේ
ත්‍මසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 26 ය වයස් වල පසු වන අතර මෙම සැකකරුවන් යාපනය යාපනය චුන්නාකම් හා ඉනුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment