විහාර මහා දේවී උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට – ඇමැතිගෙන් උපදෙස්

34

විහාර මහා දේවි උද්‍යානය නැවත කොළඹ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිවාස සංවර්ධන අධිකාරියට දැනුම්දී ඇත.

නවීකරණය සඳහා පවරාගෙන සංවර්ධනය කරන ලද දේපළ පෙර අයත්ව පැවැති ආයතනවලට පවරාදෙන ලෙස ද ඇමැතිවරයා නිලධාරීන්ට පවසා ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි 2011 වසරේදී සංවර්ධනය කිරීම සඳහා මෙම උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පත්කරගෙන ඇති අතර මෙම උද්‍යානය නවීකරණය කර 2013 වසරේදී විවෘත කර තිබේ.

විහාර මහා දේවි උද්‍යානය නවීකරණය කර මේ වනවිට වසර දහයකට අධික බවත්, මේ වනවිට මතුවී ඇති සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් නිමකර එම උද්‍යානය කොළඹ මහ නගර සභාවට පවරාදීම කඩිනම් කරන ලෙස ද ඇමැතිවරයා දැනුම් දී ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment