පාස්කු ප්‍රහාරයේ සොනික් ටොනික් සහ පැනික් ගැන විපක්ෂ නායක කියයි

421


පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් ෆෝ නාලිකාව මගින් විකාශය කළ වැඩසටහනින් පසු ඇතැම් මන්ත්‍රීවරුන් අවදි වූවත් විපක්ෂය ලෙස තමන් ඒ ගැන මුළ සිටම අවධානයෙන් සිටි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේ දෙවැනි දිනය වන අද විවාදය අරඹමින් පැවසීය.මෙම ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනතාවට සහනයක් සැලසිය යුතු මෙන්ම මේ සම්බන්ධ ස්වාධින පරීක්ෂණයක් මගින් සත්‍ය හෙළි කළ යුතු බවද කීවේය.එදා මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක් වන සොනික් ගැන නොසොයා ඇමැතිධුර ලබාගැනීමට ටොනික් වූ අය අද පැනික් වී ඇතැයි ද කීවේය.ඇමෙරිකාවේ ලෝක වෙළෙඳ මධ්‍යෂ්ථානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වාර්ථාව ඇමෙරිකානු පුරවැසියෙක් නොවන තමාට ලබා ගත හැකි වූවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්ථාවේ සියලු තොරතුරු ලබා ගැනීමට නොහැකි යැයි ද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment