‘බුකර්’ දෙන්න කලින්  විනිසුරු මඬුල්ල අවසන් පොත් හය තුන්පාරක් කියවලා

217

බුකර් ත්‍යාගය වෙනුවෙන් අවසන් වටයට නිර්දේශ වූ ග්‍රන්ථ සය විනිශ්චයකරුවන් සියල්ලන් විසින් තෙවරක් කියවා තිබේ.

ලන්ඩනයේ ජාතික ගැලරියේ සහ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන මැක්ග්‍රෙගර් පවසා තිබුණේ විනිසුරුවන් ත්‍යාගය සඳහා ඉදිරිපත් කර තිබූ කෘතීන් 170ම කියවා, පසුව ඒවා 30ක් දක්වා අඩු කළ බව යි. අනතුරුව ඔවුන් ඒවා නැවත කියැවූ බවත් සඳහන් කර ඇත. අවසන් කෘතීන් සය තීරණය කිරීමට පෙර තෙවැනි වරට ද කියවා ඇත.

ත්‍යාගය සඳහා ඉදිරිපත්වූ නවකතා කියවීමට පැය කීයක් වැය කළේදැයි බීබීසිය විමසූ විට මැක්ග්‍රෙගර් පවසා තිබුණේ “දෙසැම්බර් මුල ඉඳලා හැම සතියකම පාහේ මම එය සිදුකළා… එය විශාල සතුටක් ඇති කළ කියවීම් රැසක්” යනුවෙනි. ෂෙහාන් කරුණාතිලක විසින් රචිත, ශ්‍රී ලාංකීය සිවිල් යුද සමයේ සිදුවූ අධිස්වභාවික උපහාස රචනයක් වන The Seven Moons of Maali Almeida  බුකර් ත්‍යාගය ලබා ගත්තේය. බුකර් ත්‍යාගය සඳහා යෝජනාවූ අනෙකුත් කෘතීන් වන්නේ  Glory – නෝවයලට් බුලවායෝ,  The Trees – පර්සිවල් එවරට්, Treacle Walker  – ඇලන් ගානර්, Small Things Like These  – ක්ලෙයා කීගන්, Oh Williamæ -එළිසබෙත් ස්ටේ්‍රට්

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment