ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් පාර්ලිමේන්තුවටත් යයි

216


ත්‍රිපෝෂ වල පිළිකා කාරක ඇෆ්ලටොක්සින් ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කළ ප්‍රකාශය සම්බන්ධව වහාම ඊට අදාල තාක්ෂණික වාර්තාව ලබාදෙන ලෙස ඒ මහතාගෙන් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එම වාර්තාව ලැබුණු පසු එහි සැබෑ තත්ත්වය පැවසිය හැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.ඒ මහතා මේ බැව් පැවසූවේ සමගි ජන බල පක්ෂ මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය ඇසූ පැනයකට පිළිතුරු ලෙසය.
මේ සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ මහතා පැවසූවේ ඇෆ්ලටොක්සින් යනු සිරුරට අහිතකර රසායන ද්‍රව්‍යයක් නොවන බවත් එය නිසි ප්‍රමාණයට තිබිය යුතු බවය.එසේම නිසි ප්‍රමාණයට වඩා තිබූ ඇෆ්ලටොක්සින් සහිත ත්‍රිපෝෂ කළුතර දිස්ත්‍රික්කයෙන් මීට මාස තුනකට පෙර හමුවූ බවත් ඒවා වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment