උ/නැ හමුදාවට ස්පාඤ්ඤයත් යන්න කියයි

580

උතුරු නැගෙනහිරින් ආරක්‍ෂක හමුදාව ඉවත් කරන ලෙස ජිනීවා නුවර පැවති වියට සමාලෝචන සමුළුවේදී ස්පාඤ්ඤය ඉල්ලා ඇත. එසේම ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්කරණයට ලක් කරන ලෙස ද ස්පාඤ්ඤ රජය ශ්‍රී ලංකාවට දන්වා තිබේ. උතුරු නැගෙනහිරින් ආරක්‍ෂක හමුදාව ඉවත් කර ගැනීමේ ඉල්ලීම පසුබිමේ ද්‍රවිඩ සන්ධානය හා ද්‍රවිඩ ඩයස්පෝරාව සිටින බව හෙළිවී ඇත.

මෙම ඉල්ලීමේ අරමුණ යාපනය, පලාලි, මන්නාරම, කිලිනොච්චි, කරෙයිනගර්, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ, තෙප්පලාවි, මන්නාරම යන උපාය මාර්ගික හමුදා කඳවුරු අහෝසි කර ස්වයංපාලනයක් සඳහා මග පාදා ගැනීම බව උතුරේ ආරංචි මාර්ග පැවසීය. මේ අතර ත්‍රස්ත මර්දන පනත අහෝසි කරන ලෙස ඇමරිකාව, නවසීලන්තය, කැනඩාව සහ නෝර්වේ යන රටවල් කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රජය එකඟ වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment