බේකරියෙන් චරුචුරුවක්

194

බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට එම කර්මාන්තකරුවන් ක‍්‍රියා කරමින් සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ අනුව සතියට දින 5කට පමණක් බේකරි නිෂ්පාදන කටයුතු සීමා කිරීමට බේකරි කර්මාන්තකරුවන් ක‍්‍රියා කරමින් සිටින බවද එම සංගමය පවසයි. තිරිඟුපිටි සැපයුම අඩාල වීම, ගෑස් හා භූමිතෙල්, ඞීසල් හිඟවීම ආදි හේතූන් මත බේකරි නිෂ්පාදන සිදුකිරීමේදී බරපතළ අර්බුදයකට මුහුණ පා තිබීම ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි. බේකරි නිෂ්පාදන සඳහා තිරිඟු පිටි සැපයුම 25%කින් පහත වැටී ඇති බව එම සංගමය ප‍්‍රකාශ කරයි.

සැපයුමේ පවතින අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් උත්සව සමයේදී බේකරි සහ රසකැවිලි නිෂ්පාදනයද අඩුවීම, රට පුරා වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල්වලට නිෂ්පාදන රැස්කරගත නොහැකි වීම වැනි කරුණු නිසා නත්තල් සහ අලූත් අවුරුදු සඳහා එය බලපානු ඇතැයි ද එම සංගමය සඳහන් කළේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment