ටෙක්ටර් කෝලිටත් උඩින්

379

අයිසීසී නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව එහි 7 වැනි ස්ථානයට පත්වීමට අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර් සමත්ව සිටී.

බංග්ලාදේශයට එරෙහි පසුගිය දා පැවැති තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ ටෙක්ටර් එහිදී ලකුණු 206 ක් වාර්තා කිරීමට සමත් වූ අතර ශ්‍රේණිගත කිරීම්හි ඉහළට පැමිණීමට ඔහුට බලපෑ ආසන්නතම සාධකය එම දක්ෂතාවය වේ.

හැරී ටෙක්ටර් පසුගියදා ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේ දී ද පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වූයේය.

ටෙක්ටර්ට මේ වන විට ශ්‍රේණිගත ලකුණු 722 ක් හිමිව ඇති අතර, එය අයර්ලන්ත පිතිකරුවකු එක්දින ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය ද වේ.

පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානය හිමිකර ගෙන ඇති අතර ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ශ්‍රේණිගත ලකුණු 719 ක් ලබාගෙන 8 වෙනි ස්ථානයේ පසුවේ.

advertistmentadvertistment
advertistmentadvertistment