බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා දිගටම

43

පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය දුන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා දිගටම කරගෙන යෑමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පසුගිය දිනවල පැවැති සාකච්ඡාවටය අවසන් වූ බවත් එහිදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට අපොහොසත් වූ බවත් මුදල් අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි. එහෙත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මත පදනම්ව බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් සමග පැවැති එම සාකච්ඡාවලදී දෙපාර්ශ්වය වැදගත් ප්‍රගතියක් අත්කරගත් බවද තාක්ෂණික ගැටලු ගණනාවක් සාර්ථකව විසඳාගැනීමට හැකි වූ බවද ෂෙහාන් සේමසිංහ ඇමතිවරයා සඳහන් කළේය.

මේ අනුව එකඟතාවට පත් නොවූ තවදුරටත් සාකච්ඡා කළ යුතු ප්‍රධාන කරුණු ශ්‍රී ලංකාව විසින් ප්‍රකාශ කර ඇති බවද සේමසිංහ ඇමතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ ණය වැඩසටහනේ දෙවන සමාලෝචනය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බැලීමට පෙර මීළඟ පියවර සඳහා අයිඑම්එෆ් ණය වැඩසටහනේ පරාමිතීන් සමග නවතම ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව ගැළපීම, තක්සේරු කිරීම සම්බන්ධයෙන් අයිඑම්එෆ් කාර්ය මණ්ඩලයෙන් වැඩිදුර උපදෙස් ලබාගත යුතු බවද මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment