තව දින 7කට පසු නැවට නඩු බෑ

671

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගෙන විනාශ වී සිදු වූ පාරිසරික හානියට වන්දි ඉල්ලා පැවරිය යුතු නඩුව ගොනු කිරීමට අද සිට (14 දා) තවත් ඉතිරිව ඇත්තේ හරියට ම දින 07 ක කාලයක් පමණි.

2021 මැයි 20 වැනිදා පටන් නෞකාව ගිනි ගෙන විනාශයට පත් වූ අතර කරන ලද සමීක්‍ෂණවලින් පසු ඩොලර් මිලියන 6.4 ක් වන්දි වශයෙන් අදාළ සිංගප්පූරු රක්‍ෂණ සමාගමෙන් අයකර ගත යුතු බවට මේ පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කමිටුව මගින් නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකාවේ වන්දි නීතියට අනුව වසර 2 ක් තුළ වන්දි නඩුවක් ගොනුකළ යුතුව ඇති නමුත් ශ්‍රී ලංකා රජය මේ දක්වා වන්දි නඩුව ගොනු කර නැතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. ශ්‍රී ලංකාවේදී මෙම නඩුව ගොනු කිරීම වඩාත් ප්‍රතිඵලදායක විය හැකිව තිබූ නමුත්, අදාළ නඩුව සිංගප්පූරුවේ දී ගොනු කිරීමට ගත් තීන්දුව පිළිබඳව දැඩි කනස්සල්ල ප්‍රකාශ කළ අදාළ ප්‍රකාශකයා සඳහන් කළේ සිංගප්පූවේ දී නඩුව ගොනු කරන්නට ඉල්ලා සිටිය ද එය කල්ගොස් ඇති බවට දැන ගන්නට ඇති බවයි. කෙසේ හෝ නඩුව ගොනු කරන්නට තවත් ඇත්තේ දින 7 ක කාලයක් පමණක් බැවින් එය බරපතළ තත්ත්වයක් බව ද ඔහු කීවේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment