පුරන් කුඹුරු වගාවට සැරසේ

215


2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත රුපියල් මිලියන 430ක් වෙන් කර තිබේ.
මෙම රුපියල් මිලියන 430ක මුදල යොදා ගනිමින් එම කුඹුරු වල අබලන්ව ඇති ඇළවේළි ප්‍රතිසංස්කරණය කිරීම, අමුණු සකස් කිරීම, දැනට එම කුඹුරුවල වැවී ඇති බැද්ද ඉවත් කිරීම වැනි කටයුතු සඳහා ද යොදවන ලෙසත් අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment