නොරොච්චෝල වළේ කෝටි 12 ක් හැලේ: විමර්ශන ඇරැඹෙයි

279

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ හත්වැනි අදියර යටතේ මෙගාවොට් 300 ක විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 12 ක මුදලක් නිරපරාදේ වැයකළ සිද්ධියක් පිළිබඳ විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් කිහිප දෙනෙකු විසින් මෙම ගල්අඟුරු බලාගාරය එක්තරා චීන සමාගමකට ලබාදී ඇත්තේද අදාළ ටෙන්ඩර් පටිපාටිවලට පටහැනිව යැයිද හෙළි වී ඇත.

ඒ අනුව ව්‍යාපෘති කාර්යාලයක්, වාහන, ඉන්ධන හා නීති උපදේශන ආදිය සඳහා යැයි කියමින් ඉකුත් කාලයේ දී විදුලිබල මණ්ඩලයේ මුදල් වලින් රුපියල් කෝටි දොළහක් මේ ආකාරයට වැයකර තිබේ.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට යෑමේදී එය නීති විරෝධී ව්‍යාපෘතියක් බවට හෙළිවීමෙන් පසුව එම කොමිසම ඊට අනුමැතිය ලබාදී නැත. එසේ වූවත් ඒ වන විටත් ලංවිම ඒ සඳහා රුපියල් කෝටි 12 ක් වැයකර ඇති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත්තේ ඊට පසුවය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment