කඳුකරයේ වතු ප්‍රජාව මෙරටට ආගමනය වී වසර 200 ක් සැපිරීම

40

NAAM 200 යි සංවත්සර ජාතික සැමරුම් උළෙල අද

කඳුකරයේ වතු ප්‍රජාව මෙරටට ආගමනය වී වසර 200 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන “අපට 200 ” ( NAAM 200) යි සංවත්සර ජාතික සැමරුම් උළෙල අද ( 02 වැනිදා ) සවස 4.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම සැමරුම් උළෙළේදී කඳුකර වතු ප්‍රජාව මෙරට ආර්ථික දියුණුව වෙනුවෙන් දක්වන සුවිසල් සේවය ඇගයීම හා ඒ වෙනුවෙන් උපහාර දැක්වීම සිදු කෙරේ. මෙම අවස්ථාව සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මර්ගගත සූම් (‘දදප) තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමට නියමිතය. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, ඉන්දීය රජයේ ඇමැතිවරුන්, මෙරට පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, දෙස් විදෙස් නියෝජිතයින් හා කඳුකරයේ වතු ප්‍රජාව සහභාගිවීමට නියමිතය.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment