මේ වසරේ මාස 6ට ෆේස් බුක් ගැන පැමිණිලි 9858 ක්

93

මෙම වසරේ (2023) ගත වූ මුල් මාස 6 තුළ සමාජ මාධ්‍ය (ෆේස් බුක්) සම්බන්ධයෙන් පැමිණිලි 9858 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ ට ඊයේ (11 වැනිදා) පැවසීය.

මින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැයි මාසයේ බවත්, එම සංඛ්‍යාව 2330 ක් බවත් හෙතෙම කීය.

කොළඹ, ගම්පහ, අම්පාර, පොලොන්නරුව, ගාල්ල යනාදී ප්‍රදේශවලින් වැඩිම පැමිණිලි ලැබී ඇති අතර පැමිණිලිකරුවන් වැඩි පිරිසක් කාන්තාවන් බවත් ඒ මහතා පවසයි. ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිතය ෆේස් බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කිරීම, ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම යනාදිය සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇතැයි ද හෙතෙම කීය.

2022 වසරේ පැමිණිලි 14,570 ක් ලැබී ඇති අතර ෆේස් බුක් සම්බන්ධයෙන් පැමිණිලි 101 අමතා දැනුම් දිය හැක.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment