ලෝක කුසලානය ගැන සිතා ගේල් අයිපීඑල්වලින් විවේක ගනියි

254

බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ප‍්‍රහාරාත්මක පිතිකරු ක‍්‍රිස් ගේල් පන්දුවාර 20- 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා තම සම්පූර්ණ අවධානය යොමු කිරීමට අවශ්‍ය බව පවසමින් අයිපීඑල් තරගාවලියෙන් ඉවත්වී තිබේ.

 පන්ජාබ් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර අයිපීඑල් තරගාවලිය සඳහා ක‍්‍රීඩා කළ ගේල් අයිපීඑල් ජෛව ආරක්ෂක බුබුළෙන් ඊයේ (01දා) සිට ඉවත්ව ඇත. ජෛව ආරක්ෂක බුබුළ යටතේ පසුගිය මාස කිහිපය පුරා රැදී සිටිමින් තමන් විඩාවට පත්වඇති බවත් ලෝක කුසලාන තරගාවලිය සඳහා තමන්ට අවශ්‍ය වූ විවේකය ලබාදීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ක‍්‍රියාකිරීම ගැන ස්තුතිවන්ත වන බවත් කි‍්‍රස් ගේල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කිරන් පොලාර්ඞ් නායකත්වය දරන බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු බලඇණියේ අංක 03 ස්ථානයේ ක‍්‍රිස් ගේල් ක‍්‍රීඩාකිරීමට නියමිත අතර 20 – 20 ලෝක කුසලාන තරගාවලි 6 න් දෙකක් ජයගත් එකම කණ්ඩායම කොදෙව් කණ්ඩායම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment