ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි රෝහල් වෛරස් උණ රෝගීන්ගෙන් පිරේ

123

ඩෙංගු” මැලේරියා ඇතුළු වෛරස් උණ රෝග ශීඝ‍්‍රයෙන් පැතිර යෑම හේතුවෙන් ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ රෝහල් එම රෝගීන්ගෙන් පිරී ඉතිරී යෑමට පටන් ගෙන තිබේ.

 උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ පිහිටි ඇල්ගයිරා දිස්ත‍්‍රික්කයේ තිබෙන ‘දීන් දයාල් හා මල්කාන් සිං ඇතුළු ප‍්‍රධාන පෙළේ රෝහල්වල ඇඳන් මෙම වන විට වෛරස් උණ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර අලූතින් පැමිණෙන රෝගීන් වෛද්‍ය විද්‍යාලවලට මාරු කර යැවීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.

 ප‍්‍රාන්තයේ කොරෝනා වසංගතය ද පැතිර යමින් පැවතීම නිසා රෝහල්වල ඇඳන් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරගෙන යන බව උත්තර් ප‍්‍රදේශ් සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි රෝහල් වෛරස් උණ රෝගීන්ගෙන් පිරේ
advertistmentadvertistment
advertistmentadvertistment