කොළඹ ගස් කඩාවැටීම් 35 ක් – 3 දෙනෙක් යටවෙලා

150

කොළඹ නගරයට පෙරේදා (07 දා) සවස ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං හේතුවෙන් නගරයේ ස්ථාන කීපයකම ගස් හා අතු කඩාවැටීමේ සිද්ධීන් 35 ක් පමණ වාර්තා වූ බවත්, එහිදී ගස්වලට යටවූ පුද්ගලයන් තිදෙනකු මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කමල් විල්සන් මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. ඔවුන් මුදා ගැනීමට අධික වැසි හා සුළං තත්ත්වය නොතකා මහත් පරිශ්‍රමයක් දරා ගිනි නිවන භටයන් 49 දෙනකු යුහුසුළුව ක්‍රියා කළ බව ද හෙතෙම කීය.

කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාර, ආර්. ඒ. ද මැල් මාවත ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් වාහන 2 කට අලාභ හානි සිදුවිය.

මෙහිදී තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයක ගමන්ගත් අයෙකි.

මීට අමතරව මරදාන හා බේස්ලයින් පාර අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල විය.

එමෙන්ම, මාලිගාවත්ත නිවාස සංකීර්ණය අසලදී ගසක් කඩාවැටී ඇති අතර එහිදී එම ගසට යටවූ පුද්ගලයකු මහත් පරිශ්‍රමයක් දරා රෝහල්ගත කළ බව ද ගිනි නිවීමේ සේවා ප්‍රධානි කමල් විල්සන් මහතා පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment