වෘත්තීය සමිති වැඩවර්ජන අවසන් කරයි

1321


වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වෘත්තීය සමිති 2000 ක පමන සහභාගිත්වයෙන් ආරම්භ කළ වැඩ වර්ජනය අද මධ්‍යම
රාත්‍රියේ සිට අවසන් කිරීමට කටයුතු කරන බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ අනුව හෙට සිට රාජ්‍ය,අර්ධ රාජ්‍ය,පෞද්ගලික,වෙළඳ කලාප,වතු ඇතුළු වෘත්තීය සමිති විසින් ආරම්භකර තිබූ වැඩ වර්ජනය අවසන් කර සාමාන්‍ය පරිදි සේවා කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment