ඉතාලි නගර සභාවකින් කැකිල්ලේ තීන්දුවක්

64

ඉතාලියේ පැලර්මෝ මහ නගර සභාව විසින් ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ සමූල ඝාතනයක් සිදු වූ බවට නිල වශයෙන් පිළිගෙන ඇත.

පැලර්මෝ නගරාධිපති ලෙක්ලූටෝ ඔර්ලැන්ටෝ පැලර්මෝ කොටි ඩයස්පෝරාව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ඒ බව පිළිගෙන තිබේ. ඒ අනුව සෑම වසරකම මැයි 12 වැනිදා ද්‍රවිඩ සමූල ඝාතන දිනය ලෙස නම්කර සැමරීමේ උත්සවයක් පැවැත්වීමට පැලර්මෝ නගරාධිපතිවරයා එකඟ වී ඇත.

එහෙත් ඉතාලි රජය පැලර්මෝ නගරාධිපතිගේ තීරණයට එකඟ වී නැත. මෙම ද්‍රවිඩ සමූල ඝාතන යෝජනාව පැලර්මෝ නගර සභාවට ඉදිරිපත් කර ඇත්තේ නගර සභික සින්නියා නමැත්තියයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment