කොට්ටෙ යටින් යතුර අරන් සේවකයෙක් තානායමේ මුදල් අරන්

195


තානායම් කළමනාකරුගේ කොට්ටය යටින් යතුර ගෙන හිනිදුම තානායමේ මුදල් ලාච්චුවේ තිබූ රුපියල් 1,45000ක මුදලක් සොරකම් කළ එම තානායමේ සේවකයෙකු අත්අඩංගුවට ගත් හිනිදුම පොලිසිය අද ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම තානායමේ සේවය කරණ 52 හැවිරිදිවියේ පසුවන පුද්ගලයෙකි. තානායම් කළමණාකරු හා මෙම සේවකයා තානායමේ වැඩකටයුතු නිමකිරිමෙන් පසු නින්දට ගොස් ඇත. මුදල් බහාදමන ලාච්චුවේ යතුරු කැරැල්ල කළමනාකරු විසින් සිය කොට්ටය යට තබාගෙන නින්දට ගොස් තිබේ.කළමණාකරු නිදියමින් සිටියදී සේවකයා විසින් යතුරුකැරැල්ල රැගෙන ගොස් මුදල් බහා තබන ලාච්චුව විවෘතකොට මෙම මුදල් සොරකම් කොට ඇති බව පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment