ශ්‍රීලනිපය තුනට කැඩෙන ලකුණු

615

ආණ්ඩුවෙන් ඉවත් නොවීමත් පක්‍ෂ නායකත්වය තරුණ නායකයකුට ලබා නොදීමත් හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුදය උග‍්‍රවී පක්‍ෂය කෑලි තුනකට කැඞී යැමේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇතැයි එම පෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය‘ට පැවසීය.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ගමන් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගමන් කළ මාර්ගයේ බවත් ඔහුට අවශ්‍ය වී ඇත්තේ පක්‍ෂ සභාපති ධුරය තමන් සතුව දිගටම තබාගෙන ආණ්ඩුවට සහය දෙමින් තම පුතා පක්‍ෂ නායකත්වයට රැුගෙන ඒම බවත් හෙතෙම සඳහන් කළේය.

මේ වන විටත් පක්‍ෂය තුනකට කැඞී ඇති බව සඳහන් කළ එම ප‍්‍රකාශකයා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සුළු පිරිසක් මැති ඇමැතිකම් සහ වරදාන වරප‍්‍රසාදවලට කෑදරව ආණ්ඩුවට සහය දීමටත් තවත් ප‍්‍රබලයන් පිරිසක් කුමාර වෙල්ගම මහතා සමග එක් වීමටත් තවත් පිරිසක් සමගි ජනබලවේගය සමග එක්වීමටත් සාකච්ඡා කරමින් සිටින බවද පැවසීය.

පි‍්‍රයදර්ශන ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment