නව සිහළ උරුමයත් ජනපති සටනට

589

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නව සිහළ උරුමය පක්‍ෂය ද තීරණය කර ඇත.

පසුගිය අප්‍රේල් 02 ජාඇලදී පවත්වන ලද විශේෂ මහ සම්මේලනයේදී එම පක්ෂය මෙම තීරණය ගෙන තිබේ. එම පක්ෂ නායක සරත් මනමේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී පහත තීරණවලට ද එළඹි බව එම පක්ෂය කියා සිටියි.

නියමිත කාල සීමාවේ දී එනම් 2024 ජනාධිපතිවරණය පැවත්විය යුතුයි, 2025 දී පාර්ලිමේන්තු මැතිවරණය තිබිය යුතුය, ජනතාව ආර්ථික සහන ලබාදීය යුතුයි, රටේ නීතියේ ආධිපත්‍ය නඟාසිටුවිය යුතුය, දේශීය ආර්ථිකයක් තුළින් කෘෂිකර්මාන්තය, දේශීය භෝග වගාවන් හා සුළු හා මධ්‍යම ව්‍යාපාර දියුණු කිරීම, අපනයනය වැඩිකිරීම, සංචාරක ව්‍යාපාරය නඟාසිටුවීම, ආනයනය සීමා කිරීම. නව නිපයුම් වර්ධනය කිරිම, තාක්ෂණික විද්‍යාල බිහිකිරීම. පුද්ගලික විශ්වවිද්‍යාල බිහිකිරීම, පුහුණු ශ්‍රමිකයින් පිටරට යැවීම, ගෘහ සේවිකාවන් ලෙස පිටරට යැවීම නතර කිරිම, නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානය ඇති කිරිම,

ගමනාගමනය 51%-49% යටතේ පුද්ගලිකරණය කර පලදායී මහජන සේවාවක් ඇතිකිරීම, රාජ්‍ය සේවාව ක්‍රමවත් කිරීම, මාසිකව වෙනුවට බැංකු පද්ධතිය හරහා සතිපතා වේතනය ලබාදීම, ජනතාවට ඩිජිටල් හැඳුනුම්පතක් ලබාදීම, බැංකු ණය ලිහිල් කිරිම, ජනතාවට රක්ෂණ සහතිකයක් ලබාදීම, සහනාධාර වසර තුනකට සීමාකිරීම, ඉන්ධන හා ගෑස් ආනයනය කෙලින්ම රාජ්‍යයන් අතර සිදුකිරීම සහ පිටරටින් ණය ගැනීම වෙනුවට ඒකාබද්ධ ව්‍යාපෘති ලබා ගැනීම.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment