අපේ ජාතික ගුවන් සේවය පත්ව ඇති ඉරණම ඛේදජනකයි – ආචාර්ය ධනවර්ධන ගුරුගේ

113

පොදුජන ජනපති කෙනෙක් මේ වසරේ බලයට පත්වෙනවා

අපේ ජාතික ගුවන් සේවය ශ්‍රී ලන්කන් අද පත්ව තිබෙන ඉරණම ජාතික ඛේදවාචකයක් බවට පත්ව තිබෙනවා. මේකට විසඳුම් නොදීමේ පාපය අනාගතයේ වන්දි ගෙවන්න සිදුවන්නේ ජනතාවට බව කිව යුතු යැයි සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විපක්‍ෂ නායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පැවසීය.

කඳාන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගුරුගේ මහතා,

මේ රටේ යළි පොදුජන යුගයක් මේ අවුරුද්දේ උදාවෙනවා. සජිත් ප්‍රේමදාස නායකත්වය කෙරෙහි දවසින් දවස ජන ගඟ රොඳ බඳිනවා. සමහරුන්ගේ සිහින ජනාධිපතිවරු ලෙස එක එක නම් එළියට එනවා. ජනතාව පළවා හැරපු නායකයන්ගේ අවතාරත් මේ අතර දැන් කලඑළි බැහැලා. අතීතය තුළ වියරු හැසිරීම් පෙන්වපු අය දැන් වෙස්වළාගෙන මැරිලා ඉපදිලා වගේ ඇවිත් ජනතාව අන්දවමින් සිටිනවා.

අද රටට අවශ්‍ය අන්තවාදී නායකයන් නොවේ. රටේ උගතුන් විද්වතුන්, පැවිදි නායකයන්, සාමාන්‍ය ජනතාව අමු අමුවේ මරා දමුනු ඉතිහාසයක් ඇති අයට රට භාර දුන්නොත් කොහොම හෙටක් රටට උදාවේවිද?

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය අද දවසින් දවස බිඳවැටෙමින් තිබෙනවා. මේක ජාතික ඛේදවාචකයක් වෙලා. දිනපතා ගුවන් ගමන් වාර බිඳවැටෙනවා. ඇමැතිවරයා නිලධාරීන්ට පරිපාලනයට සේවකයන්ට දොස් කියනවා. සේවකයන්ට ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ වරද පෙන්වා දෙනවා. වරද කාගේ ද යන්න නොව නිවැරැදිව සියල්ල කළමනාකරණය කර ගැනීම පාලකයන්ගේ වගකීම හා වගවීම විය යුතුයි.

අද ලෝකයේ ගුවන් සේවා අතර විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ මේ ආයතන හොරු කාපු අය නිසා බව වෘත්තීය සමිති චෝදනා කරනවා. අපේ ජාතික ගුවන් සේවය මේ විපතින් මුදවා ගැනීමට ආණ්ඩුවේ මුරන්ඩු පිළිවෙත්වලින් බැහැර විය යුතුයි. යැයි ද ගුරුගේ මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment