වෝනර් එක් දින පිටියෙන්ද යයි

204

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව මීට පෙර නිවේදනය කර තිබූ ලෝක ශූර ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ද සමුදෙන බව ඊයේ (01 වැනිදා) නිවේදනය කළේය. 37 හැවිරිදි ඩේවිඩ් වෝනර් ගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (03 වැනිදා) පාකිස්ථානය සමග පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය වේ. පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ වෝනර් එක්දින තරග 161කට ක්‍රීඩා කර මුළු ලකුණු 6,932ක් වාර්තා කර ඇත. ඔස්ටේ්‍රලියානු එක්දින ඉතිහාසයේ 06 වන වැඩිම ලකුණු ලාභියා බවට ද ඔහු පත්ව සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment